දර්ශනය

“සේවා ලාභී සැමට මානව හිතවාදී සේවාවක් ”

මෙහෙවර

ආණමඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ

සේවා කටයුතු රාජ්‍ය ප්‍රතිපත්ති වලට

අනුකූලව සැපයීම, සම්පත් සම්බන්ධීකරණය හා

ජනතා සහභාගීත්වයෙන් යුත් කර්යක්ෂම, තිරසාර හා

සැලසුම්ගත සංවර්ධන ක්‍රියාවලියක් තුලින්

ප්‍රදේශයේ ජන ජීවිතය නන්වාලීම.

ඓතිහාසික තොරතුරු

ආණමඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඓතිහාසික පසුබිම සලකා බැලීමේදී කඩයිම් පොත් හා විත්ති පොත් වැනි සාහිත්‍ය මුලාශ්‍ර මඟින්ද, තෝනිගල සෙල්ලිපිය, පරමාකන්ද සෙල්ලිපි වැනි අභිලේඛන මඟින්ද, ලබුගල විහාරය, මානික්කන්කන්ද විහාරය, උස්වැව ඛෙත්තාරාමය වැනි ස්ථාන වල නටබුන් මඟින් මෙන්ම කරඹෑව, පරමාකන්ද, උස්වැව, ඛෙත්තාරාමය විහාර වල චිත්‍ර මඟින්ද වැදගත් තොරතුරු රැසක් අනාවරණය වේ.

ලංකාවේ දැනට සෙල්ලිපි අතරින් දිගම සෙල් ලිපිය ලෙස සැලකෙන තෝනිගල සෙල්ලිපිය මඟින් කියවෙන “පරමුඛ අභය පුත, පරමුඛ නිසඟ” යනාදී වශයෙන් සඳහන් වන පරමුඛ අභය (වට්ටගාමිණි අභය) රජු අනුරාධපුර යුගයේ රජ කෙනෙකි. ඔහුගේ පුත් මහසිළු මහතිස් විසින් පරමාකන්ද විහාරය කරවා එයට අදායම් වශයෙන් අවගිරින, කව්රි යන නගර දෙකේ අදායමත්, වැවේ ජල බද්ධත් වෙන්කරන ලද බව සඳහන් වේ.

මෙම සෙල්ලිපි මඟින් පෙනී යන්නේ ආණමඩුව පිළිබඳ ඉතිහාසය අනුරාධපුර යුගය දක්වා විහිදී යන බවයි. එහි ජනාවාස තිබූ බව‍ටත් පැහැදිලි වේ. පරමාකන්ද සම්බන්ධ කරගෙන අනුරාධපුරය දක්වා විහිදුන ගමන් මාර්ග තිබූ බව කඩයිම් පොත් වල සඳහන් වේ. පොළොන්නරු යුගයේදී මෙම ප්‍රදේශයට දෙමළ ආක්‍රමණ ඇති වූ බවත්, වන්නියාර්වරු ලංකාවට පැමිණ ඒ ඒ ප්‍රදේශවල පාලන නගර වශයෙන් කටයුතු කර ඇති බව ද කඩයිම් පොත් වල සඳහන් වේ. වන්නිවරුන් විසින් පාලනය කළ බැවින් මෙය වන්නිය වශයෙන්ද හැදින්වේ. අනුරාධපුර යුගයේ සිට පැවත එන “බෙත්ම” යන වචනය අදත් භාවිතා වේ. වර්ෂාව අඩු කාල වලදී කුඹුරු යම් කිසි ක්‍රමයකට ගොවිතැන් කළ බව මින් අදහස් වේ. මෙම කරුණු අනුව පැහැදිලි වන්නේ රජ දවස පටන් කෘෂි කර්මාන්තයේ නව ජීවන රටාවකට හැඩගන්වා ගෙන ජීවත් වූ ජනතාවක් මෙහි වාසය කර ඇති බවයි. නටබුන් වූ විහාර හා එහි චිත්‍ර අනුව ඔවුන් බුද්ධ ධර්මය ඇදහූ පිරිසක් බව පැහැදිලි වේ. එසේම නුවර යුගයේ පාලකයන් විසින් පාලනය සඳහා වෙන්කරන ලද පත්තු ක්‍රමය අදටත් මෙහි භාවිත වේ. මෙම කොටස නම් කර ඇත්තේ දෙමළ හත්පත්තුව වශයෙනි. පසුව මෙය කුමාර වන්නි පළාත වශයෙන් භාවිතයට ගෙන ඇත.

මෙහි පිහිටි තෝනිගල ඓතිහාසික වශයෙන් වැදගත් ස්ථානයකි. විජය කුවේණි සිය දරුවන් සමඟ අවසාන කාල පරිච්ඡේදය ආණමඩුව ප්‍රදේශයේ වාසය කළ බවට තෝනිගල සෙල්ලපිය හා පරමාකන්ද රජමහා විහාරය සාක්ෂි දරයි. විජය හා කුවේණිගේ නෑදෑයින් අතර සටනින් ජයගත් විජය රජතුමා විසින් කුවේණිය දමා පළා යන අතර ඔහු පසුපස ලුහුබැඳ ගිය කුවේණියට එම අවස්ථාවේදී විජය රජතුමා විසින් අණ ඉරක් ගලේ ඇද සීමා කොට ගිය බව ජනප්‍රවාදයේ සඳහන් වේ. ඉන් පසු කුවේණිය ලතෝනි නැඟු බවත්, එම ස්ථානය ලතෝනිගල වශයෙන් හැදින්වූ බවත්, පසුව තෝනිගල වූ බවත් සඳහන් වේ. විජය රජු ලංකාවට ගොඩ බට තම්බපන්නිය පුත්තලම බව සඳහන් වේ. ඒ අනුව මුල් යුගයේ සිට මෙහි ජනාවාස තිබූ බව පැහැදිලි වේ. දුටුගැමුණු එළාර යුද්ධයේදී දුටුගැමුණු රජුගේ ඇත් සේනාව මේ ප්‍රදේශය හරහා ගමන් කර ඇති අතර මෙහි ඉදි කළ ඇත් ගාලෙහි ඇත් සේනාව රදවා තබා ඇති බවත් කියවේ. මේ හේතුවෙන් ඇත් ගාල යන වචනය දෙමළ ආක්‍රමණ හේතුවෙන් ආනෙයි මඩම් යන්නත් ඉන් අනතුරුව “ආණමඩුව” යන ලෙසට විකාශනය වූ බවට ජනප්‍රවාදයේ සඳහන් වේ. තවද එකළ මෙම ප්‍රදේශයටද නිතර නිතර දෙමළ ආක්‍රමණ ඇති වී ඇත. පෙරියකුළම, කච්චිමඩුව, මැල්ලන්කුළම හා ගල්කුලම වැනි ද්‍රවිඩ භාවිතයෙන් වූ නම් මේ ප්‍රදේශයේ අදටත් පැවතීම ඊට කදිම සාක්ෂියකි.

අනු අංකය

නම

වර්ෂය

නිල නාමය

සිට

දක්වා

01.

විමලරත්න කුමාරගම මහතා

1958

1963

ආණ්ඩුවේ ආදායම් පාලන නිලධාරි.

02.

අලවත්තේගම මහතා

1964

 

ආණ්ඩුවේ ආදායම් පාලන නිලධාරි.

03.

ටි.ඩබ්. විජේරත්න මහතා

1965

1966

සහකාර ආණ්ඩුවේ ඒජන්ත

04.

ජයසිංහ සමරනායක මහතා

1967

1969

සහකාර ආණ්ඩුවේ ඒජන්ත

05.

බ.මු. දවුලගල මහතා

1970

 

සහකාර ආණ්ඩුවේ ඒජන්ත

06.

අ.ග. පියතිස්ස මහතා

1971

 

සහකාර ආණ්ඩුවේ ඒජන්ත

07.

කිරිවත්තුඩුව මහතා

1972

1973

සහකාර ආණ්ඩුවේ ඒජන්ත

08.

එස්.ඩබ්. රජපක්ෂ මහතා

1974

 

සහකාර ආණ්ඩුවේ ඒජන්ත

09.

ඒ.ජේ. අංගේකුඹුර මහතා

1975

 

සහකාර ආණ්ඩුවේ ඒජන්ත

10.

පොල්ගොල්ල මහතා

1975

1977

සහකාර ආණ්ඩුවේ ඒජන්ත

11.

වී.එස්. වර්ණකුලසූරිය මහතා

1978

 

සහකාර ආණ්ඩුවේ ඒජන්ත

12.

ඩබ්. ගොඩවෙල මහතා

1979

1980

සහකාර ආණ්ඩුවේ ඒජන්ත

13.

එස්. දෙමටපිටිය මහතා

1981

1986

සහකාර ආණ්ඩුවේ ඒජන්ත

14.

ටි.එම්. අබේවික්‍රම මහතා

1987

 

සහකාර ආණ්ඩුවේ ඒජන්ත

15.

එම්.බි. දිසානායක මහතා

1987

 

සහකාර ආණ්ඩුවේ ඒජන්ත

16.

ආර්.පි.එස්. රාජපක්ෂ මහතා

1988

 

ප්‍රාදේශීය ලේකම්

17.

ඩබ්.එම්. තිලකරත්න මහතා

1988

 

ප්‍රාදේශීය ලේකම්

18.

ඩබ්.එම්. රත්නසිරි මහතා

1989

1992

ප්‍රාදේශීය ලේකම්

19.

කේ. සමරවික්‍රම මහතා

1992

 

ප්‍රාදේශීය ලේකම්

20.

ආර්.එම්.බි.ආර්.මොන්නෑකුලම මහතා

1996

 

ප්‍රාදේශීය ලේකම්

21.

බි.එච්.එම් විමලරත්න මහතා

1998

 

ප්‍රාදේශීය ලේකම්

22.

ආර්.ඒ.එස්.ජයතිලක මහතා

2000

 

ප්‍රාදේශීය ලේකම්

23.

එච්.එම්.සී.බණ්ඩාර මහතා

2001

 

ප්‍රාදේශීය ලේකම්

24.

එල්. රම්‍යසිරි මහතා

2002

 

ප්‍රාදේශීය ලේකම්

25.

ඩබ්.එම්.එස්. වන්නිතිලක මහතා

2003

2004

ප්‍රාදේශීය ලේකම්

26.

ලයනල් චන්ද්‍රසිරි මහතා

2005

 

ප්‍රාදේශීය ලේකම්

27.

ජයවර්ධන එච් පතිරත්න මහතා

2006

 

ප්‍රාදේශීය ලේකම්

28.

මහින්ද ජයසිංහ මහතා.

2007

 

ප්‍රාදේශීය ලේකම්

29.

ටි.එම්.ජේ.ඩබ්. තෙන්නකෝන් මහතා

2007

2017.09.03

ප්‍රාදේශීය ලේකම්

 

30 බී.ඩබ්.එම්.එම්.එස්. බණ්ඩාර  2017.12.18 සිට මේ දක්වා  

News & Events

25
අප්‍රේ2022
Inter Divisional Secretariat Sports Festival

Inter Divisional Secretariat Sports Festival

Inter Divisional Secretariat Sports Festival 2022 Was...

Scroll To Top